ශ්‍රී ලංකාව පිළිබද ඔබ නොදත් කරුණු 10ක් ten facts you dont know about Sri Lanka




  • ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය 

ලෝක ප්‍රථම කාන්තා අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී  ජනරජයේ සය වන අගමැතිනිය බවට පත් වූ අතර ලෝක කාන්තා ප්‍රථම අගමැතිනිය විය.
  • සාර්ථක මැලේරියා මර්ධන ව්‍යාපාරය

2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී  ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාෂ කලේය. 20 වන ශතවර්ෂයේ මැද භාගය වන විට ශ්‍රී  ලංකාව බොහෝ මැලේරියා ආසාදනයට ලක්වූ රටවල් අතර විය. නමුත් රට මැලේරියා මර්දන ව්‍යාපාරය  සාර්ථකත්වයට හේතු වූයේ මෙම රෝගය ඇති කරන මදුරුවන්ගෙන් පැවතෙන පරපෝෂිතයා සාර්ථක ලෙස ඉලක්ක කරමිනි.
  • Sex search අංක එක

 ශ්‍රී  ලංකාව පිළිබඳ වඩාත් කැපීපෙනෙන  තොරතුරු එකක් වන්නේ ලොව අන් කිසිදු රටකට වඩා "sex" වචනය සඳහා google search කර තිබීමයි.
  • ආදම්ගේ පාලම


හින්දු බැතිමතුන් විශ්වාස කර ඇත්තේ ඉන්දියාවේ සහ ශ්‍රී  ලංකාව අතර ප්‍රදේශය - දැන් ආදම්ගේ පාලම ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශය - වසර ගණනාවකට පෙර රාම් හා වඳුරු හමුදා විසින් ඉදිකරන ලද්දක් ලෙසය. ඒ වෙනුවට විද්‍යාන්යන් සහ පුරාවිද්‍යාන්යන් එය වැලි සහ ගල් ආදියෙන් ස්භාවික  ලෙස නිර්මාණය වී බව විශ්වාස කරයි.එහෙත් අදටත් ආදම්ගේ පාලම ආශ්‍රිත මුහුදේ පාවෙන ගල් තිබීම පුරාවෘතයන් විශ්වාස කරන්නට තුඩු වේ.

  • 2004 සුනාමි ව්‍යසනය

2004 ඉන්දියානු සාගර සුනාමිය විසින් ශ්‍රී ලංකාව දෙවන දරුණුතම බලපෑම් එල්ල වූ රට විය. මිලියන භාගයකට වඩා පුද්ගලයින් ප්‍රමාණයක් අවතැන් වූ අතර,30000 කට අධික සංඛ්‍යාවක් මිය ගියේය.
  • තේ අපනයනය 

ලෝකයේ හතරවන විශාලතම තේ නිෂ්පාදකයා වන අතර (පිලිවෙලින් චීනය, ඉන්දියාව හා කෙන්යාව) සහ තුන්වන විශාලතම අපනයනකරු ලෙස ශ්රී ලංකාව පත්ව ඇත. ලංකාවේ ප්‍රධාතම වර්ග තේ නිෂ්පාදන වර්ග තුනක් සිදු කරන අතර Ceylon black, Ceylon green, සහ Ceylon white tea නිෂ්පාදනය කරයි.

  • කුරුඳු අපනයනය

ශ්‍රී ලංකාව පුරාණ ලෝකයේ ප්‍රමුඛතම කුරුඳු නිෂ්පාදකයා හා අපනයනකරු වු අතර රෝමයට කුළු බඩු නැව්ගත කර ඇති බවටද සාදක හමුවී තිබේ. වර්තමානයේ එය ඉන්දුනීසියාව හා චීනය පිටුපස තුන්වන විශාලතම නිශ්පාදකයා වේ.
  • ජෛව විවිධත්වය 

ශ්‍රී ලංකාවෙ විශාලත්වය අනුව ශ්‍රී ලංකාව සත්ව ජීවීන්ගේ විස්මිත විවිධත්වය පෙන්නුම් කරයි. ක්ෂීරපායින් විශේෂ 125 ක්, පක්ෂී වි⁣ශේෂ 433, සමනළ විශේෂ  245, සර්පයන් විශේෂ 96,  කටුස්සන්  විශේෂ 97 සහ මකුළුවන් වි⁣ශේෂ 383 (දිවි මකුළුවන් වි⁣ශේෂ 15 ක් අඩංගු වේ!).
  • ලොව විශාලතම ක්ෂිරපායින් දෙවර්ගය නැරඹීම

ලෝකයේ විශාලතම ගොඩබිම ක්ෂීරපායි විශේෂය වන අලි හා විශාලතම සාගර ක්ෂීරපායි විශේෂය නිල් තල්මසුන් දිනකින් දැක ගත හැකි ලොව එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි.


  • සිංහල භාෂාව 

සිංහල භාෂාව භාවිතා කරන එකම රට ශ්‍රී ලංකාවයි.ලොව උච්චාරණය කිරීමට අපහසු භාෂාවන් අතරට ඉහලින් තිබේ.
අදහස් හා යෝජනා කමෙන්ට් කරන්න.. 
ස්තුතියි!

Comments

Popular Posts